ලංකාවේ PickMe කැබ් සේවය එක්ක වැඩ කරන ගැහැණු උදවිය දැකලා තිබුනට මොකෝ UBER දුවන ලංකාවේ ගැහැණු අය මම නං දැකලා නැහැ. හැබැයි ලෝක මට්ටමින් ගත්තම කාන්තාවන් විශාල ප්‍රමාණයක් UBER රියදුරුවරියන්.
UBER සමාගමේත් සහය ඇතිව කරපු ලෝක මට්ටමෙන් කරපු අලුත්ම පර්යේෂණයකින් හොයාගෙන තියෙන කරුණු සමාගමේ කීර්තිනාමයට නං ටිකක් විතර හොඳ මදි. ඔවුන් කියන විදිහට පිරිමින් කාන්තාවන්ට වඩා 7% වැඩිපුර UBER හරහා උපයනවාලු. UBERවල ගාස්තු හැදෙන හැටි, හයර් ලැබෙන හැටි වගේ දේවල්වලට ගැහැණු පිරිමි කතාවේ කිසිම අදාලත්වයක් නැති නිසා, සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදුවන නිසා පර්යේෂකයින්ට සිද්ධ වුණා මේකට හේතු හොයන්න.
මෙන්න මෙහෙමයි හොයාගත්ත හේතු 3;
- කාන්තාවෝ ඉක්මනින් UBER එකෙන් ඉවත් වෙනවලු.
ලංකාවේ තත්වේ ගැන අපි තවම දන්නැහැ. නමුත් පොදුවේ ගත්තම 65% ක් විතර පිරිමින් පිරිසක් UBER අතහැර යනවා මාස 6ක් ගත වෙද්දී. නමුත් කාන්තාවන් 76.5%ක් විතර මාස 6ක් යද්දී ඉවත් වෙනවා. සරලව කිව්වොත් රැඳී සිටීමේ කාලය අඩුයි. අනෙක කාන්තාවන් මේ මාස 6 කාලේ ඇතුලේ වුණත් වැඩ කරන්නේ පිරිමින්ට වඩා අඩු පැය ගාණක්.
පර්යේෂකයෝ කියන විදිහට වාර 2,500කට වඩා සම්පුර්ණ කරපු රියදුරන්, ගමන් වාර 100කට අඩුවෙන් සම්පුර්ණ කරපු අයට වඩා 14% වැඩියෙන් පැයකට හම්බ කරනවාලු. තමන් ගමන් කරලා තියෙන වාර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට වැඩියෙන් rides තියෙන්නේ කොහේද, කීයටද සහ උපායශීලිව ගමන් වාර පිළිගන්නේ සහ අවලංගු කරන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලැබෙනවාලු.
- පිරිමි අය වඩා වාසිදායක ගමන් මාර්ග සහ වාසිදායක අවස්ථා තෝරාගෙන ධාවනයේ යෙදෙයි.
- පිරිමි වේගයෙන් ධාවනය කිරීම. නැත්තං එයාලා ඉක්මනින් තමන්ගේ ගමන් වාර අවසන් කිරීම.
අපිට මේ පර්යේෂණය සම්පුර්ණයි කියලා කියන්න නරි හේතුව තමයි මේ තීරණ කාන්තාවන් ගන්න හේතු ඒ අය සොයාගෙන නොතිබීම. ඒ නිසා මේ පර්යේෂණයෙන් එපිට අපිට දෙයක් සඳහන් කරන්න ලැබුනොත් කියන්න වෙන්නේ මෙහෙම.
කාන්තාවන් අඩු වාසි සහිත කාල වේලාවන් වගේම ගමන් මාර්ග තෝරගන්නේ තමන්ගේ අනෙක් කටයුතු සම්බන්ධව තියෙන කැපවීම් හෝ සාමාජයීය සාධක ගැන හිතල වෙන්නත් පුළුවන්. ඒ කාරණාවන් එයාලගේ පාලනයෙන් තොර බවත් අපිට හිතන්න පුළුවන්. උදාහරණයක් විදිහට දරුවෝ පාසල් යැව්වයින් පස්සේ එයාලා UBER පටන් ගන්නවා ඇති. එතකොට උදෑසන කාර්යාල සහ පාසල් ගමන්වාර ඔක්කොම මගහැරිලා අවසන්.
Harvard මහාචාර්ය Claudia Goldin කියන විදිහට කාන්තාවන් රැකියාව සම්බන්ධව පිරිමින්ට වඩා අඩු වාසිදායක තීරණ ගන්නේ තමන්ට පැවරිලා තියෙන අනෙක් දහසකුත් එකක් සමාජයීය වගකීම් නිසා. හරියට හිතලා බැලුවොත් එකත් අපිට සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බැහැ.
0 comments:
Post a Comment