Shemara Wickramanayke මේ දිනවල ව්‍යාපාර ලෝකය තුළ ජනප්‍රියම කාන්තා නාමය. ඒක ඊටත් වඩා වැදගත් වෙන්නේ Shemara ශ්‍රී ලාංකිකයෙකු වීම නිසයි.
ඇය ජනප්‍රිය වන්නට හේතුව තමයි ලොව ප්‍රකට සමාගම් සමුහයක් වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වන පළමු කාන්තාව වීම.
Macquarie Group කියන්නේ මොකද්ද?
සේවකයන් 14,000 කට වැඩිය ඉන්න, රටවල් 25ක ව්‍යාප්ත ජාලයක් ඇති මුල්‍ය උපදේශනය සහ වත්කම් කළමනාකරණ සමාගම් සමුහයක්. ලියාපදිංචි රට වෙන්නේ ඕස්ට්‍රේලියාව.
සමාගමට කියන්නේ "Millionaire Factory" කියලා. එකට හේතුව තමන්ගේ කොටස් හිමියන්ට ඉතාම ඉහල ප්‍රතිලාභ ලබාදීම නිසා. ඒවගේම ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් අතරින් වැඩිම වැටුපක් ලබන CEO ඉන්නෙත් මේ සමාගමට බව රහසක් නෙවෙයි.
ඇයි Shemara Wickramanayke?
ඔව්, එහෙම අහන්නත් පුළුවන් අපේ ලංකාවේ සමහරු. අපේ අයගේ හැටිනේ. Shemara ට මේ පත්වීම ලැබෙන්නේ ඉහල ලාභ අපේක්ෂාවක වගකීමක් සමග. එකට හේතුව තමයි 1987 වර්ෂයේ ඉඳන් සමාගමේ ඩොලර් බිලියන 495ක වත්කම් කළමනාකරණ අංශය ලාභ අපේක්ෂා අභිබවමින් පාලනය කළේ ඇය වීම.
With Shemara, we have a really outstanding successor
විශ්‍රාම යන, හිටු CEO තමන්ගේ තක්සේරුව දුන්නේ එහෙමයි. කෙසේ වෙතත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙනස් වෙන බව කිවූ හැටියේම කොටස් මිල ගණන් 2%කින් වගේ පහල බැස්සා. නමුත් දැන් මේ මොහොත වෙනකොට තත්වය ආපහු සාමාන්‍ය අතට හැරිලා බවයි දැනගන්න ලැබෙන්නේ.
Shemaraට ඉරිසියා කරන අයට තව හේතුවක් කියන්නද?
2018 මුල්‍ය වර්ෂය සඳහා සමාගම් සමුහයේ දෙවෙනි වැඩිම ගෙවීම ලැබුවේ ඇය. වාර්ෂික වාර්තාව සහතිකයි. ඉලක්කමෙන් කිව්වොත් ඩොලර් මිලියන 16.7 ඇගේ ගෙවීම.
කොහොමහරි, ඕස්ට්‍රේලියාවේ මුල්‍ය ක්ෂේත්‍රය කිසියම් අපහසු තත්වයක ඉන්න වෙලාවකයි අපේ Shemaraට මේ අවස්ථාව ලැබෙන්නේ.
සුභ පැතුම් Shemara තත්වය අමාරු වේලාවකදී හරියටම තමන්ගේ කාර්ය කරාවි ඔබ. ආඩම්බරයක් ලංකාවට!
0 comments:
Post a Comment