'Diesel Dupe' ලෙස අන්වර්ථ ගැන්වුණු මෙම අර්බුදය පිලිබඳ සිංහලෙන් කියවීමට කිසිදු ආකාරයක ලිපියක් නොතිබුණි.. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවද ජර්මන් ආයෝජනයක් ලෙස Volkswagan අප රටට පැමිණෙන බව කියමින් සිටින යුගයක මේ පිලිබඳ අපටද කිසියම් අවබෝධයක් තිබිය යුතුය. කෙටියෙන් සඳහන් කලහොත් මේ සිදුව ඇත්තේ වංචාවකි. වඩා වැදගත් වන්නේ එම වංචාව Volkswagan දැවැන්තයා විසින් පිළිගෙන තිබීමයි.
එක්සත් ජනපදයේ පවතින කාබන් විමෝචන පරීක්ෂණය (Carbon Emission Test) නොමග යැවීමට කටයුතු කිරීම මෙම වංචාවයි. එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සිය පවසන පරිදි (EPA) ඇමෙරිකාවට යවන ලද මෙම සමහර වාහනයන්හි ඩීසල් එන්ජින් තුළ, පරීක්ෂණයට භාජනය වන අවස්ථාවේ හඳුනාගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමට සුවිශේෂී රහස් උපාංගයක් සවි කර තිබී ඇත.
ඇමෙරිකාව තුළ විශාල ප්‍රචාරණයක් කරමින් පසුගිය කාලයේ Volkswagan පවසා සිටියේ ඔවුන්ගේ කාබන් විමෝචන අගය ඉතාම පහල බවයි. EPA පර්යේෂණයට ඇමෙරිකාවේ Audi A3, Jetta, Beetle, Golf සහ Passat වාහන 482,000ක් අයත්ව ඇත. නමුත් Volkswagan ආයතනය මේ ගැටළුවට ඌනපූරණ එක කරමින් තත්වය තවත් බරපතල කලේය.
ඒ ලොව පුරා Volkswagan වාහන මිලියන 11කට ආසන්න ප්‍රමාණයක රහසිගත උපාංගය සවිකර ඇති බව කියමිනි.
මේ සියල්ල අවසානයේ මීට සුළු වෙලාවකට ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් වූයේ Volkswagan නව CEO ලෙස Matthiyas Muller නම් කෙරුණු වගයි. අප මෙය ඔබට ගෙන එමින් සිටින්නේ අද පටන් බැවින් තත්වය පැහැදිලි කිරීමට සිදු වන්නේ ආපස්සටයි. නමුත් මේ මීට සුළු මොහොතකට පෙර පත්වූ නව විධායක නිලධාරියාට මෙම 'ගෝලීය පාරිභෝගික විශ්වාසය' යලි ඇති කල හැකි වේද? පත්ව ඇති අර්බුදයෙන් Volkswagan ගොඩ ගැනීමට හැකි වනු ඇතිද?
සොයා බලමු හෙට ඔහුට සැබවින්ම විසඳීමට ඇති අර්බුදයේ තරම.
Great! keep it up nanga...
ReplyDeleteThank you so much aiyya :)
Delete