Google Glass Headset එකට Hologram එයි!



හිතන්න Google Glass එකට Holograms ආවොත් කොහොම වෙයිද? හැම කෙනෙක්ම Hollywood චිත්‍රපටයක වීරයාගේ චරිතේ ජීවත් වෙයි.  
මෙන්න සුභාරංචිය! මීට සුළු මොහොතකට පෙර United States Patent and Trademark Office වෙතින් Google වෙත පේටන්ට් බලපත්‍රය හිමි වුයේ පැළඳිය හැකි උපාංග සඳහා හොලොග්රම් තාක්ෂණය යොදා ගැනීමටයි.
දැනට ලොව ඇති පැළඳිය හැකි කුප්‍රකටම උපාංගය වන Google Glass දෙනෙත් ඉදිරිපිට කුඩා පරිඝනක රූපයක් පෙන්වීමට වැඩ දෙයක් කලේ නැත. Hologram මේ සියල්ල රූපමය යථාර්තයක් බවට පත් කරනු ඇත. ඔවුන් පවසන පරිදි විනෝදාත්මක සහ රසවින්දනය සම්බන්ධ බොහෝ අංග Google Glass වෙත එක් කරමින් වඩා  විශ්වසනීය උපාංගයක් බවට පත් කිරීමට හැකි වනු ඇත.

Hologram යනු;
ආලෝක ප්‍රවාහයන් මගින් කිසියම් රූපයක් 3D කොට පෙන්වීම මෙමගින් සිදුවන අතර එය සාමාන්‍යයෙන් තේරුම් ගත හැක්කේ එපමණයි. ඔබ බොහෝ Hollywood චිත්‍රපටවල මෙය දැක ඇතුවට නිසැකයි. මෙන්න මේ ආකාරයෙන්,
'Iron Man'

'Minority Report'

Google Glass

මෙය යම් දුරකට සාමාන්‍ය ප්‍රජාවට අතිශයින්ම දුරස් උපාංගයක් $1500ක මිලකට 2014 මැයි 15 වෙළඳපලට නිකුත් කොට 2015 ජනවාරි 15 නිකුත් කිරීම නවතා දැමුණි. නමුත් මෙහි වැඩි දියුණු කිරීම් සඳහා තිත නොතැබීමට ඔවුන් තීරණය කල අතර අනාගතය Hologram සමග වඩා වෙනස් අවධානය දිනාගන්න එකක් වනු ඇත.


Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment