Date එකකදී අහපු සුන්දරම ප්‍රශ්න 07 - Best Questions on a Date
පළමු හමුවීමේදී අහන පළවෙනි ප්‍රශ්නයෙන් සමහරවිට ඇයට බොහෝ දේ කියන්නට මග පාදා දෙනවා. සමහරවිට ඇය සිනහා වේවි, සැහැල්ලුවෙන්, බොහෝ දේ ඇය පිලිබඳ කියාවි. එය ඔබේ ජීවිතයේ වගේම ඇගේ ජීවිතයෙත් සුන්දරම මොහොතක් කරගන්න.
අපි ඇසුවා කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ඇත්තටම පළමු හමුවීමේදී අහපු වැඩියෙන්ම කැමති ප්‍රශ්න මොනවද කියලා. මෙන්න එයාල කියපු දේවල් හේතුත් එක්කම
01. අහන්න, ඇගේ රැකියාවේ තත්වය.
කාන්තාවන් බොහෝවිට කැමතියි තමන්ගේ රැකියාව, සිහින ගැන අවධානය යොමු කරන පිරිමින්ට.
02. අහන්න, පුංචි කාලේ කරන්න ආසා වුණේ මොනවද?
සමහරවිට එයා හිනාවේවි. කියන්න පටන්ගනිවී ඇත්තටම එක එක කාලේදී එයාට හිතුනු දේවල් වගේ. සමහරවිට එතකොට ඔයාට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වේවි.
03. අහන්න, ඉස්සරහට එයට තියෙන හීන මොනවද කියලා?
මේ ප්‍රශ්නය ඔයාගෙයි එයාගෙයි හීන වල, බලාපොරොත්තුවල ගැලපීමක් තියෙනවද කියලා හොයාගන්න ගොඩක් හොඳ විදිහක්. ඒ වගේම හොඳ සංවාදයක් ගොඩ නගාගන්නත් ඒක හේතුවක් වේවි.
04. අහන්න, යාළුවො ආදරේට හරි විහිලුවට හරි කියන්නේ මොනවද කියලා?
එයා කියන්න ලැජ්ජා වේවි. හිනා වේවි. නම කියන්නේ ඇයි කියලත් විහිළුවෙන් විහිළුවෙන් අහන්න. ඊළඟට ඔයා ගැනත් කියන්න. හේතුත් කියන්න. වැරදිලා හරි එයාව හිනාගස්සන්න ඔයාටත් - ඔයාව හිනා ගස්සන්න එයාටත් පුලුවන්ද කියලා. ඒක පස්සේ කාලෙකදී හරිම වැදගත් වේවි.
05. අහන්න, යන්න කැමතිම තැන් කොහෙද කියලා?
ලංකාවේ වෙන්නත් පුළුවන්, ලෝකේ වෙන ඕනෙම තැනක වෙන්නත් පුළුවන් මේ කතන්දරේ ඇදිල ආවම ආසම කෑම ජාති ගැන, රටවල් ගැන වගේ දේවල් බොහොමයක් කතා කරන්න පුළුවන්.
06. අහන්න, අන්තිමට බලපු concert එක?
ඔව්, ටිකක් වෙනස් ප්‍රශ්නයක් තමයි. නමුත් එක පාරටම කැමතිම සින්දුව අහනවට වඩා ටිකක් වෙනස් විදිහක්. ඒ වගේ ප්‍රශ්නෙකට තියෙන්නේ ගොඩක් කෙටි පිළිතුරක් නේ. හැබැයි concert එකෙන් පස්සේ සින්දුව, ගායකයා, music style එක වගේ ගොඩක් දේවල් අහල දැනගන්න. අදහස් හුවමාරු කරගන්න.
07. අහන්න, කැමතිම පොත?
සමහර ගැහැණු ළමයි පොත් කියවන්න ගොඩක් කැමතියි. සමහරවිට ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්නැති. ඇත්තටම දෙන්නම පොත් කියවන්න කැමති නම් කතන්දරේ සැහෙන අපූරු එකක් වේවි. ඒ වගේම එයින් කතාවක් දෙකක කෙටියෙන් ඔයාට හරි එයට හරි කියන්නත් පුළුවන්. ඔව්, ඔයාල එකිනෙකට ඇහුන්කන් දෙන්න ඕනේ කියලා තේරුම් ගනියි.
මේ ප්‍රශ්න සාමාන්‍ය එදිනෙදා අහන මොනවද කෑවේ, මොනවද බිව්වේ, නෑවද වගේ ප්‍රශ්න වලට වඩා ඔයාලා දෙන්න එකිනෙකට ගැලපෙනවද කියලා තේරුම් ගන්න වටින ප්‍රශ්න. අද කාලේ ස්වාධීන ගෑණු ළමයි තමන්ගේ පළමු හමුවීමේදී - තේරුම් ගන්න, සවන් දෙන්න කැමති කෙනෙක්වයි දකින්න කැමැති. මොකද කවදාහරි මොන දේ නැති වුණත් - ගැලපෙන කෙනා ඉන්නවනම් කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා.
Good article Anushi
ReplyDeleteThank you very much :) Means alot
Delete