Apple පසුගිය කාර්තුවේ ඉපැයූ වාර්තාගත ඩොලර් බිලියන 50.6ක ආදායම පුදුමය දනවන්නක් නෙවෙයි. ඒකට ඉරිසියාකාරයෝ ගොඩක් මැද iPhone පෙන්වූ විශාල අලෙවියයි, චීනයේ ආර්ථිකය මදක් පසුගාමී වීමයි බලපෑවා. බෙහෙතකට හරි Apple එකේ (ඒ කිව්වේ ඇපල් කෑලි නෙවි - Apple සමාගමේ) කොටස් මිලදී ගෙන තිබුණා නම් 30% උපරිමයකට ලාභ ලබන්න තිබුණා.
Forbes වාර්ෂික අධ්‍යනයට අනුව නම් Apple සන්නාමයක් ලෙස පළමු තැනට පත්වෙන්නේ ඩොලර් බිලියන 154.1 පවත්වාගනිමින්. දෙවෙනි තැනට පත්වන Google වලට වඩා 87%ක අගය වැඩිවීමක්. අවංකවම කිව්වොත්, 2010 සිට පිට පිට හයවෙනි වතාවටයි Apple පලවෙනි තැනට පත්වෙන්නේ.
මෙන්න පලවෙනි 15 දෙනාගේ ලැයිස්තුව;
01. Apple $154.1 billion
02. Google (Alphabet) - $82.5 billion
03. Microsoft - $75.2 billion
04. Coca-Cola - $58.5 billion
05. Facebook - $52.6 billion
06. Toyota - $42.1 billion
07. IBM - $41.4 billion
08. Disney - $39.5 billion
09. McDonald's - $39.1 billion
10. GE - $36.7 billion
11. Samsung - $36.1 billion
12. Amazon - $35.2 billion
13. AT&T - $32.6 billion
14. BMW - $28.8 billion
15. Cisco - $28.4 billion
මේ ආයතන අතුරින් සමහර ආයතන ඇත්තටම අපට පුදුමයක් නෙවෙයි. ලෝකේ තියෙන පුංචිම ආර්ථිකයක් හිමි අපේ වගේ රටක උදවියත් දන්නා කියන ආයතන. එත් සමහර ආයතන ගැන ඔය නිකන් තියෙන Google එකේ ගහල හොයල බලන්න. කාටවත් බැරි නං ආච්චිලා සීයලාට හරි කියලා දෙන්න බැරියැ.
0 comments:
Post a Comment