තප්පර 25ක් කලින් ගියාට ජපානය සමාව ඉල්ලයි - Japanese Rail Apologies for 25 sec. early departure



සහතික ඇත්ත! ලංකාවේ වගේමයි. ජපානය මේ ආදර්ශය ගන්න ඇත්තේ ලංකාවේ මහා සේවක සංඛ්‍යාවකට උරුමකම් කියන, ලක්ෂ ගණන්වල පඩි ගන්න එන්ජින් රියදුරු මහත්තුරු එහෙමත් ඉන්න, ඉඳල හිටලා අතේ පයේ හිරි ඇරගන්න උද්ගෝෂණයක් දෙකක් එහෙම කරත් අපිව රස්තියාදු නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වෙන්ටෑ.

ජපානේ කතාව මෙහෙමයි. මාස කිහිපයක් ඇතුළත දෙවෙනි වතාවටත් ජපාන දුම්රිය සමාගමක් තප්පර 25ක් කලින් ස්ටේෂන් එකෙන් ගියාට සමාව ඉල්ලුවා.

පාලන ක්‍රියාකරු සඳහන් කරන විදිහටම කිව්වොත්, "අපේ පාරිභෝගිකයන් වෙත අපි ලබාදෙන සේවාවට කිසිම නිදහසට කරුණක් නැහැ."


Japan Today වලට අනුව, දුම්රිය ක්‍රියාකරු හිතල තියෙනවා දුම්රිය Notogowa දුම්රිය ස්ථානයෙන් පිටත් වෙන්න ඕනේ 07.11ට කියලා. නමුත් නිවැරදිම වේලාව වුණේ 07.12.

සියලුම ඇතුල් වීමේ දොරටු වැසීමෙන් පසුව තමන් වේලාවට කලින් කියලා ඔහුට දැනුණත් ඒ අවස්ථාවේ දුම්රිය වේදිකාවේ දුම්රියට නගින්න කවුරුවත් හිටියේ නැති බව දුටු නිසා මෙහෙම තප්පර 25කට කලින් පිටවෙලා.



අතිශයින් වේලාවට වැඩ කිරීම ගැන - ජපන් දුම්රියවලට අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. වේලාවට දුම්රිය පිටත්වුණත් මගීන්ගේ අඩුවක් නම් නැහැ. මෙතනදීත් වේදිකාව මත හිටපු මගීන් රියදුරු පාලකට පැමිණිලි කරාම නිල වශයෙන් ඔවුන් සමාව අරගෙන තියෙන්නේ නිදහසට කරුණු නොකියාමයි.

ඔව්, ලංකාවේ රජයේ රෝහල්වල ස්ට්‍රයික් වුණාම පපුවේ අමාරු ලෙඩ්ඩුන්ටත් කියන්නේ 'ඊයේ එන්න තිබ්බා' කියලනේ. ජපන්නුන්ට එහෙම ලොකුකම් දාන්න ගියේ නෑ රියදුරු පාලකතුමා 'ඔයාලා කලින් එන්න දැනගන්න ඕනේ' කියලා. සරලයි, සමාව ගත්තා. 

ඉතින් ලෝකේ කොහෙන්හරි ඉගෙන ගෙන අපිත් හැදෙමු.

Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment