මයිකල් ෆෙල්ප්ස්ට ජාතික ගීය යද්දී මහා හයියෙන් හිනා ගියාද? | Reason behind Phelps's Laughter

Chad Le Clos පරද්දල කොහොමහරි 20වෙනි ඔලිම්පික් රන් පදක්කමත් කරේ දාගත්ත, ලෝකෙම ආදරේ කරන ෆෙල්ප්ස් ඉලන්දාරියා ආපහු තවත් කසුකුසුවක් ඇති කරලා. සාමාන්‍ය විදිහටම මිටර් 200 පදක්කම ගන්න පීඨිකාවට නැග්ගේ ජාතික ගීය වාදනය වෙද්දී හැඟීම්බර වෙමින්.
හැබැයි හැමෝම ජාතික ගීය කියන්න ගැනීමත් එක්ක සිදු වුණේ කවුරුත් නොහිතපු දෙයක් - ෆෙල්ප්ස් මහා හයියෙන් හිනා වෙන්න ගත්තා. ඔව්, පටන් ගත්ත වෙලේ ඉඳන් කලේ බාලාංශ පොඩ්ඩෙක් වගේ මහා හයියෙන් හිනා වුණු එක.



ලංකාවේ කෙනෙක් එහෙම නහය උඩ මැස්සෙක් වහල හරි යාන්තමට හිනා වුණා නම් - ප්‍රධාන සිරස්තලය මේක වේවි. වෙනසකට තියෙන්නේ ෆෙල්ප්ස්, ෆෙල්ප්ස්ම නිසා ලෝක ජනමාධ්‍ය මේකේ හේතුව හොයාගත්තේ ෆෙප්ස් ගෙන්ම අහල දැනගෙන.


21වෙනි රන් පදක්කම 4x200m තරගයෙන් ජයගත් පසු ඔහු කිව්ව හැටියට පීඨිකාවේ දකුණු පැත්තේ හිටපු ෆෙල්ප්ස්ගේ රසිකයෝ ජාතික ගීයේ "Oh, say can you see?" කොටස "OOOOO!" යනුවෙන් Baltimore ආරෙන් මහා හඬින් ගයනු ඇසීම නිසා තමන්ට සිනහව පාලානය කරගත නොහැකි වූ බවයි. තමන්ගේ ආදරය දිනාගත් ක්‍රීඩකයන් වෙනුවෙන් මෙලෙස ජය ඝෝෂා නැගීම පුරුද්දක් බවත් ගොඩක් දෙනා දන්නවා.




හේතුව අතිශය හෘදයංගම නිසා දේශප්‍රේමය, ජාත්‍යාලයට සිනහ පහල කිරීමේ RIO වරදින් "රන් 21 අයිතිකාරයා" - නිදොස් කොට නිදහස් කලා එහෙනං! 

Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment