ඒ විතරක් නෙවි Laptop එක වෙන වර්ගයක වුනත් $200ක් ගෙවනවා. මේ මොකද ඇත්තටම Microsoft එකේ මහා කරුණාව කියලා ඔබ කල්පනා කරනවා නම් මෙන්න කතන්දරේ.
Microsoft නිෂ්පාදනය කරන Windows 10 පරිඝණක මිලදී ගැනීමට ඔවුන් විසින් දියත් කර ඇති නවතම ප්‍රචාරණ වැඩපිළිවෙල Easy Trade Up නිසයි මේ හැමදේම. Microsoft Store එකෙන් $599ට වැඩි පරිඝණක ඔක්තෝබර් 20ට පෙර මිලදී ගෙන පැරණි Windows පරිඝණකය ලබාදුනහොත් $200ක් සහ MacBook එකකට $300ක් ලබා දෙන්න ඔවුන් සුදානම්.
පැරණි පරිඝණකයේ තියෙන්න ඕනේ මොනවද?
- අවුරුදු 6ක් පමණක් පැරණි, ක්‍රියාකාරී මට්ටමේ විය යුතුයි.
- අඟල් 11.6කට වැඩ වැඩි Display එකක්
*අවාසනාවට මෙය වලංගු වන්නේ US, UK, Canada, India, Brazil, France, Germany, Taiwanවල පමණයි.
ටිකක් හිනා යනවා වගේ තමයි. ඒත් දන්නවද මේ පලවෙනි වතාව නෙවි. Surface නිකුත් කරද්දී iPad වලට $200ක්, Xbox One නිකුත් කරද්දී PS3වලට $100ක්, Surface Pro 3 සමග හුවමාරු කරගැනීමේදී MacBook Air එකක් ලබාදුන්නොත් $650ක් අඩු කිරීමටත්, iPhone එකක් මෙලෙස ගෙන අවොත් $200ක Gift Cards ලබා දෙන්නත් Microsoft එක කරුණාවන්ත වෙලා තියෙනවා.
හැබැයි තව පුංචි දෙයක් Craiglist, eBay හෝ Gazelle වලදී හුවමාරු කරොත් හෝ විකුණුවොත් $539ක් MacBook Air එකකට ලැබේවි.
කොහොමද ඒක?
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment