Smartphoneවල කාලේ ඉවරයි!
විසිකරන්න එපා අතේ තියෙන Phone එක. කොහේ කරන්නද නේද? අමාරුවෙන් නේ අරගත්තේ. දැන් තව සල්ලි ටිකක් ඉතුරු කරානන් හොඳයි වගේ. මොකද ඉස්සරහට ඔබට ගීත, වීඩියෝ, චිත්‍රපට, වගේම අනෙකුත් සේවා බොහොමයක් භාවිත කරන්න වෙන්නේ Artificial Intelligence සහ Virtual Reality Headset මගින්.
හොඳයි හිතෙනවා නං මේක නිකන් හිතල කියන දෙයක් කියලා, මෙන්න සාක්ෂි. Ericsson සමාගම '10 Hot Consumer Trends of 2016' වාර්තාවට කරපු සමීක්ෂණයේ භාගයකටත් වඩා smartphones භාවිත කරන්නන් ප්‍රතිචාර දක්වල තිබුණා විදිහ අනුවයි එහෙම කියන්නේ.
ඔවුන් හිතන විදිහට තව අවුරුදු 5කින් screen එක අයින් කරලා Artificial Intelligence යොදාගන්න ඕනේ.
මේ වාර්තාවට අදාල වුනු තව දේවල් තියෙනවා;
- අවුරුදු 5ක් යනවිට ලොව සෑම පුද්ගලයෙක් අතම අවම වශයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වුනු උපාංග 3ක්වත් තිබෙනු ඇති.
- ලොව පුරා බිලියන 8කට ආසන්න ස්මාර්ට් උපාංග ප්‍රමාණයක් තිබෙනු ඇති.
- අවුරුදු 15-69 දක්වා වූ smartphone 6600ක්වත් සෑම ප්‍රධාන නගරයකම තියෙනවලු
- 44% 13-19 දක්වාවූ කෙනෙක් දවසකට අඩුම වශයෙන් YouTube පැයක්වත් නරඹන බව.
- 44% 3D තාක්ෂණයෙන් ආහාර පිටපත් කරගැනීමට අවශ්‍ය බව.
ඒ වගේම මේ සමීක්ෂණයට සහභාගී වූ අය කියලා තියෙන විදිහට Online dating සහ chat වලට එයාලට Virtual Reality ඕනෙලු!
0 comments:
Post a Comment