ඉතාලිය හමුදාව කැඳවයි. ගතවූ පැය 𝟐𝟒ට 𝟔𝟐𝟕ක් මියයයි. - SinhalaBuz360.com



2020/03/21 CNN, Valentina Di Donato, Nicola Ruotolo සහ Laura Smith Spark

COVID-19 වෛරසය පැතිරයාම ආරම්භ වූ දිනයේ සිට එක්දිනක් තුළ ලොව ඕනෑම රටක වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව මේ වෙනකොට වාර්තා වී අවසන්. ඉතාලිය lockdown කරතබාගැනීමට හමුදාව කැඳවීමට ඔවුන්ට සිදුවන්නේ දෛනික මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළ යාම සමගයි.

ඉතාලියේ උතුරු දෙසින්, වැඩිපුරම Lombardy කලාපය තුළ මේ වනවිට පළමු රෝගියා වාර්තා වූ මොහොතේ පැවති තත්වය පුපුරායාමක් සිදුව තිබෙනවා. රෝහල් දහස් ගණනින් රෝගීන්ට මේ මොහොතේ ප්‍රතිකාර කිරීමේ උත්සාහයක නිරත වනවා. චීනයෙන් ඉතාලියට සහය දැක්වීමට පැමිණි කණ්ඩායම් පවසන්නේ Lombardy ප්‍රදේශයට පනවා ඇති බාධක - මේ මොහොතේ ‘ප්‍රමාණවත් නොවන’ බවයි.

එනිසාම Lombardy ප්‍රදේශයේ සභාපතිවරයා සිකුරාදා සඳහන් කළ පරිදි - මේ තත්වය දැඩි කිරීම සඳහා ඉතාලි හමුදාව කැඳවා තිබෙනවා. “හමුදා භාවිතා කිරීමට කළ ඉල්ලීම අපි පිළිගත්තා. සොල්දාදුවන් 114 දෙනෙක් යෙදවේවි, සුළු ප්‍රමාණයක් තමයි නමුත් මේ මොහොතේ එය යම් පමණකට ධනාත්මකයි. අවාසනාවට මරණ ගණනින් වැඩිවීමේ වෙනසක් තවම දකින්න නැහැ.” මේ වනවිට සාමාන්‍ය ආරක්ෂාව සඳහා මේ හමුදා සොල්දාදුවන් යෙදවී අවසන්.

ඉතාලියේ දැනට 4,000කට අධික ප්‍රමාණයක් මියගොස් අවසන්. 6,000කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් අලුතෙන් වාර්තා වනවා. දැනට 47,000කට අධික ආසාදිතයින් ප්‍රමාණයක් ඉතාලියෙන් පමණක් මුණගැහෙනවා. Daniela Confalonieri කියන Milanහි හෙද නිලධාරිනිය කියන්නේ
“මරණ සංඛ්‍යාව ගණන් කරමින් ඉන්න බැරි තරම් තත්වය භයානකයි.”

“Lombardyවල, Bresciaවල තවදුරටත් අපිට ඉඩ නැහැ. අපේ ICU පිරිලා ඉතිරිලා ගිහින්. දැන් අලුත් රෝගීන් අපි ඉතාලියේ අනෙක් ප්‍රදේශවලට යවමින් සිටිනවා. ඇත්තටම අපි helpless” එහෙම කිව්වේ Dr. Stefano Magnone.

Cremonaහි වෛද්‍යවරයෙක් වන Romano Paolucci, Reuters පුවත් සේවයට පවසා සිටියේ “බොහෝ දෙනා මියයනවා මම දැක්කා.” සහ වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල උපකරණ මදිකමින්, දීර්ඝ කාලයන් සේවා කිරීමෙන් සහ තමන්ගේම සගයන් රෝගීවනු සහ මියයනු දැකීමෙන් ඔවුන් හෙම්බත්ව සිටින බවයි.
Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment