Jill Biden - ගුරුවරියකගේ සිට ඇමෙරිකාවේ First Lady දක්වා



1990 මුල භාගයේ තමන් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වූ හිස්වූ පන්තිකාමරයක සිට, Jill Biden ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඇමතුවේ තම ස්වාමිපුර්ෂයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති බවට පත්වූවා යැයි ගණනය කොට පැවසීමෙන් පසුවය.




Joe Biden තම ප්‍රකාශයේදී අපූරු ඇගයීමක් තම බිරිඳට ලබාදුන්නේ "රට පුරාම ඉන්න ඔබ, නිකමට මතක් කරලා බලන්න ඔබේ ප්‍රියතම ගුරුවරයා -  ඔබට ඔබේ ජීවිතය ගැන විශ්වාසය ඇතිකරවූ. Jill Biden අන්න එහෙව් First Lady කෙනෙක්  වේවි ඔබට"


ඉතින් මොනවද අපි ඇය ගැන දන්නේ?


1951 වසරේ ඇමෙරිකාවේ New Jersey ප්‍රාන්තයේ උපත ලබන Jill Jacobs දියණියන් පස්දෙනෙකුගේ පවුලේ වැඩිමල් දියණියයි. Joe Biden  විවාහවීමට පෙර ඇය හිටපු විද්‍යාල පාපන්දු ක්‍රීඩකයෙකු වූ Bill Stevenson සමග විවාහ වී සිටියා.

Jill පසුකලෙක මාධ්‍යට පවසා සිටියේ Jill සහ Joe එකිනෙකාට මුණගැස්වුයේ Joeගේ සොහොයුරා බවයි. ඒ වනවිටත්  සෙනෙට් සභිකයෙක් වූ අතර ඇය විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියා.

"මම ඒ කාලේ date කළේ jeans සහ t-shirt අඳින ජාතියේ කොල්ලොන්ව. Joe sport coat එකකුයි, loafers එහෙම දාල මගේ ඉස්සරහට ආවාම මම හිතහදාගත්තා, 'දෙයියනේ මේක නම් වෙන්නැහැ! අවුරුදු මිලියනයකටවත් මේකනම් වෙන්නැහැ' කියල"

Vogue සඟරාවට මේ පළවෙනි date එක ගැන කියමින් ඇය කිව්වේ "Joe  මට වැඩිය අවුරුදු 9ක් වැඩිමල්, ඒත් අපි Philadelphiaවල හෝල් එකක 'A Man and A Woman' බලල විනෝද වුණා." 




තමන් පිළිගන්නට පෙර Biden තමන්ට 5 වතාවක් විවාහ යෝජනා කළ බවයි ඇය කියන්නේ.

"ඔවුන්ට (Joeගේ දරුවන්ට) ආපහු අම්මා කෙනෙක් නැතිවෙන්න ඉඩ දෙන්න බැහැ මට. ඒ නිසා මට 100%ක්ම ඒ ගැන මට ම  කරගන්න ඕනේ වුණා"


1977 දී විවාහ වන ඔවුන් දෙදෙනාට Ashley දියණිය ලැබෙන්නේ 1981 වසරේදී. 2015 වසරේදී Joe Bidenගේ පළමු විවාහයේ එක් පුත්‍රයෙකු වූ Beau Biden මියයන්නේ මොළේ පිළිකාවක් හේතුවෙන්.


Jill Biden පිළිබඳව තවත් විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි Joe Biden ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නොත් ආචාර්ය Jill Biden තමන්ගේ ඉගැන්වීම් දිගටම කරගෙන යාමට තීරණය කර තිබීමයි. ඒ අනුව ධවල මන්දිරයෙන් එපිට වැටුප් සහිත රැකියාවක් කරන පළමු ජනාධිපති ආර්යාව බවට Jill Biden පත්වනවා.




ඇය Northern Virginia Community College හි පුර්ණ කාලීන ඉංග්‍රීසි මහාචාර්යවරියක් ලෙස දැනටත් කරනවා.

CBS Sunday Morning මාධ්‍යවේදිනියට පිළිතුරු දෙමින් වරක් ඇය මෙසේ පවසා සිටියා. "අපි ධවල මන්දිරය දක්වා ගියොත්, මම දිගටම මේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඒක වැදගත්, මට ඕනේ මිනිස්සු ගුරුවරුන්ට වටිනාකමක් දෙනවා, ඒ අයගේ සේවය ගැන දැනගන්නවා දකින්න. ඒක ඒ වෘත්තියට මට කරන්න පුළුවන් හොඳම දේ.

එක් විද්‍යාවේදී උපාධියක්ද, ශාස්ත්‍රපති උපාධි දෙකක ද හිමිකාරියක් වන ඇය University Of  Delaware වෙතින් ආචාර්ය උපාධියක්ද ලබාගත් තැනැත්තියක්. 

Joe Biden උප ජනාධිපතිධුරය දරන සමයේදී පවා Northern Virginia Community Collegeහි ඉංග්‍රීසි මහාචාර්යවරියක් ලෙස සිය පුරුදු රැකියාව කරමින් සිටියා.

'ඉගැන්වීම මම කරන දේ නෙවෙයි, ඉගැන්වීම කියන්නේ මම' යනුවෙන් පවසන්නේ ඇයයි, බොහෝවිට අනාගත ජනාධිපති ආර්යාවයි.

Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment