Corona ගැන ඉඟි කළ වෛද්‍යවරයාගේ කට වැසූ පාපය - Chinese Doctor Early Warning




ජනවාරියේ මුල් භාගයේදී චීනයේ වූහාන් බලධාරීන් සිය උපරිම උත්සාහය යෙදුවේ Corona වෛරසය ගැන පුවත් සැඟවීමටයි. එක් වෛද්‍යවරයෙක් තමන්ගේ සගයන්ට වෛරසය ව්‍යාප්තිය ගැන දැනුවත් කිරීමට උත්සහ කළ විට වූහාන් පොලිසිය ඔහු වෙත ගොස් වහා එය නවතා දමන ලෙසට දැනුම් දුන්නා. මසකට පසු අද ඔහු වීරයෙක් ලෙස සැලකෙන්නේ, ඔහු රෝහල් ඇඳ මත සිට කළ කතාවෙන් පසුවයි.
"Hello everyone, this is Li Wenliang, an ophthalmologist (අක්ෂි රෝග විශේෂඥයෙක්) at Wuhan Central Hospital," ඔහුගේ ප්‍රකාශය පටන් ගන්නේ එලෙසින්.
මේ ප්‍රකාශය, චීනයේ ප්‍රාදේශීය බලධාරීන් රෝග ව්‍යාප්තියේ මුල් සතියේ දැක්වූ නොසැලකිල්ල මහජනතාව ඉදිරියේ පුපුරා යාමක් ලෙස  සැලකෙනවා.
වෛද්‍ය ලී දෙසැම්බර් මාසය අගදී, වෛරසය වැළදුණු රෝගීන් 7 දෙනෙක් වාර්තා වී ඇති අවස්ථාවේදීම හඳුනාගත්තේ මෙය SARS ලෙසම ව්‍යාප්ත විය හැකි බවයි. එම රෝගීන් 7 දෙනාම Huanan මුහුදු ආහාර වෙළඳපොල ආශ්‍රය කොටගෙන සිටි අය වන අතර, මේ රෝගීන් ඔහු සිටි රෝහලේ වෙන්කොට රඳවා තැබුණා. නමුත් මේ කිසිවක් පොදු මහජනතාවට දැනගැනීමට වූහාන් බලධාරීන් ඉඩ තැබුවේ නැහැ. 
දෙසැම්බර් මස 30 වෙනිදා ඔහු තමන්ගේ වෛද්‍ය සගයන් සම්බන්ධවන Group Chat එකක අනතුරු අඟවමින් සඳහන් කරන්නේ රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට ආරක්‍ෂිත ආවරණ පැළඳ රෝගීන්ට ප්‍රතිකාර කරන ලෙසයි.
වෛද්‍ය ලී ඒ වෙනකොට දැනගෙන නොසිටි එකම කාරණාව වන්නේ මේ අලුත්ම corona වෛරස වර්ගයක් බවයි. 
දින හතරකට පසු ඔහුව මුණගැසීමට ආ මහජන ආරක්ෂක කාර්යාංශ නිලධාරීන් ඔහු ලවා ලිපියක් අත්සන් කරවාගන්නවා. එහි සඳහන් වන්නේ ඔහු 'මහජන පැවැත්මට බරපතල ලෙස හානි කරන දුර්මතයක්' පැතිරවීමට උත්සහයක් කල බවයි.
"අප ඔබට ඍජුවම අනතුරු හඟවා සිටින්නේ, තව දුරටත් අපගේ අණ  නොතකමින්,  ඉවසීමකින් තොරව මෙම නීතිවිරෝධී ක්‍රියාවෙහි නිරතවුවහොත් නීතිය ඉදිරියට වුවද කැඳවන බවයි. එකඟ ද?" පහතින් අත්සන් කර තිබුණේ වෛද්‍ය ලී "ඔව් මම එකඟයි" යනුවෙන්.



වූහාන් පොලිසියට අනුව මෙලෙස 'වැරදි තොරතුරු' පැතිරවූ පුද්ගලයන් 8 දෙනෙකුගෙන් එක අයෙක් පමණයි වෛද්‍ය ලී. 
ජනවාරිය අගදී, වෛද්‍ය ලී මෙම ලිපියේ පිටපතක් Weibo වෙත මුදාහැරියේ සිදුවූ සියල්ල පැහැදිලි කරමින්. ප්‍රාදේශීය බලධාරීන් ඔහුගෙන් මේ පිලිබඳ සමාව අයැද සිටි නමුත්, සමාව බොහෝ පමාවී පැමිණි බවයි දැන් දැනෙන්නේ.
පළමු සති කිහිපයේදී බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ආසාදිත සතුන් හා ගැටුණු පුද්ගලයන්ට පමණක් මෙය වැළඳෙන බවයි. ඒ අනුව වෛද්‍යවරුන් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ. නිලධාරීන් පැමිණ වෛද්‍ය ලී හමුවී සතියකින් පසුව ඔහු ග්ලුකෝමා රෝගියෙකුට ප්‍රතිකාර කළේ ඇය ඒ වනවිටත් corona වෛරස ආසාදිතයෙකු බව නොදැනයි.



ඔහුගේ Weibo පෝස්ට් එකේ ජනවාරි 10 වෙනිදාම ඔහුට  කැස්සක් හැදුණු හැටිත්, පහුවෙනිදා උණ වැළදී දින දෙකකින් ඔහුව රෝහල්ගත කෙරුණු හැටිත් සඳහන් කරනවා. පසුව ඔහුගේ දෙමාපියන්ටත් රෝගය වැළඳී රෝහල්ගත කෙරෙනවා.
චීනය රෝග ව්‍යාප්තිය පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නේ ඒ සියල්ල සිදුවීත් සතියකටත් පසුවයි. වෛද්‍ය ලී සඳහන් කරන ලෙසට ඔහුව කිහිපවතාවක් පරික්ෂා කෙරුණත් corona වෛරස වාර්තා සියල්ල negative ලෙස සඳහන්ව තිබුණාලු.
ජනවාරි 30 වෙනිදා ඔහු නැවත සඳහන් කරන්නේ "අද nucleic acid පරික්ෂණ වාර්තාව ආවා. ඒක positive. අවසානයේ මමත් රෝගියෙක් වූවා" ලෙසයි.
පෝස්ට් එකට දහස් ගණනින් comments සහ සහයෝගය පළකරන අදහස් ලැබුණා. එහි වූ comments දෙකක් මතකයේ රැඳෙන්න සටහන් තබන්නම්.
"අනාගතයේදී වෛද්‍යවරු මෙවන් ව්‍යසන පිළිබඳ හඳුනාගත් විගස රටට කියන්න බියවේවිද? - අප අනාරක්ෂිත නොවේද?"
"ආරක්‍ෂිත මහජන සෞඛ්‍ය වටපිටාවක් වෙනුවෙන් - මිලියන ගණනින් Li Wenliangලා වුවමනා වේවි"


සේයා - BBC සහ Weibo වෙතින් 
Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment