ඉන්දියාවත් කක්ෂගත වෙයි. | India Telescope Launch
පවුම් මිලියන 17.7 ක් වැය කරමින් තැනුණු මිනි අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය ඉදිරි වසර 5 පුරාවට පෘථිවියෙන් සැතපුම් 400ක් එපිටින් කක්ෂගතව තැබෙනු ඇති.
ඉන්දියාව මෙම අධි තාක්ෂණික දුරේක්ෂය කක්ෂගත කර ඇත්තේ සිය නවදිලි අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තාරක අධ්‍යයන කටයුතු පහසු කරගැනීමටයි. ඉන්දියාවේ Sriharikota ප්‍රධාන අභ්‍යවකාශ තොටුපොලෙන් පසුගිය ඉරිදා ටොන් 150ක් බරැති මෙම Astrosat නිරීක්ෂණාගාරය, නව චන්ද්‍රිකාවන් 6ක් සමගම ගුවන්ගත කෙරුණා.
"විනාඩි 20ක පමණ ගමනකින් පසුව උදැසන 10ට ආරම්භ වූ මෙම ගමන නිශ්චිත කක්ෂයේ ස්ථානගත වුණා." Sriharikota ව්‍යාපෘති අධ්‍යක්ෂ B. Jayakumar මහතා එලෙස ප්‍රකාශ කළා.
US, Russia සහ යුරෝපා රටවලින් අනතුරුව චීනයට පෙර Mars අධ්‍යයනයට යානාවක් යැවූ ප්‍රථම ආසියානු දේශය වී වසරක් ගත වන තැන ඔවුන්ගේ මීළඟ පියවරද මෙලෙසින් සාර්ථක වූවා.
0 comments:
Post a Comment