සාකච්ඡා Leak වූ නිසා - බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්ට ඉල්ලා අස් වෙන්න කියයි. - Theresa May Hits Back


ඉහත රූපයේ හැටියට Theresa May තමන්ගේ රජයේ ආරක්ෂක ලේකම් Gavin Williamson ට කියන්නේ "අන්න දොර යන්න ගෙදර කියා" විය හැක.

(London, CNN) May 02, 2019 
චීන විදුලි සංදේශ සමාගමක් වන Huawei පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ගත් ආන්දෝලනාත්මක තීරණය පිළිබඳව සිද්ධිය මාධ්‍යට අනාවරණය වීම නිසා - ආරක්ෂක ලේකම්ට ධූරය හැර යන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිපියක් යවා තිබෙනවා.

මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ, පසුගිය දා Daily Telegraph පුවත්පත විසින් බ්‍රිතාන්‍ය රජය Huawei වෙත රට තුළ 5G mobile ජාලය ඇරඹීමට ඉඩ දීමට ගත තීරණය පළ කිරීමත් සමගයි. 



"අගමැතිනිය අද (May 02) හවස Gavin Williamsonට සිය ධූරය හැර යන ලෙස දැන්වූයේ, තවදුරටත් ඇයට ඔහු රාජ්‍ය ආරක්ෂක කටයුතු හැසිරවීම පිලිබඳ විශ්වාසයක් නැතැයි කියමින්" ප්‍රකාශයේ එසේ සටහන් වූවා. මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව මේ තීරණය ගත බවත් කියවුණා.

කෙසේ හෝ වේවා ඊයේ රාත්‍රියේම මේ පිළිබඳව සිය Twitter ගිණුමේ සටහනක් තබන Williamson මේ information leak එකට තමන් කිසිසේත් වගකිවයුතු නොවන බව දැඩි ලෙස කියා සිටියා. එමෙන්ම තමන් ඉල්ලා අස් නොවන බවද ඔහු කියා සිටියේ එමගින් තමන් වරදකරුවෙක් වන බවයි. 

Daily Telegraph මේ පිළිබඳව පළ කල අවස්ථාවේ බටහිර රටවල් රැසක් මීට එරෙහිව අදහස් පල කළේ චීන උපකරණ මෙලෙස සවිකිරීමෙන් ඔත්තු බැලීමට වුවද ඔවුන්ට හැකියාව පවතින බවයි. 

Huawei මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ නමුත් පසුගිය වකවානුවේ සිය 5G ජාලයෙන් Huawei උපකරණ ඉවත් කිරීමට Australiaවත් තීරණය කළේ ආරක්ෂා සහිත නොවන බව පවසමින්.
නමුත් Huawei තමන්ගේ උපකරණ හරහා නීතිවොරෝධි කිසවක් සිදුනොවන බව බ්‍රිතාන්‍යට පැහැදිලි කිරීමට මහත් උත්සහයක් ගත බවද පැවසෙනවා.



කෙසේ හෝ වේවා මේ අතරේ Theresa May ප්‍රකාශ කළේ Williamsonගෙන් හිස්වන තනතුර සඳහා කාන්තා හා සමානාත්මතා ඇමතිනිය Penny Mordaunt නම් කර තිබෙනවා. එය එලෙසම සිදුවුවහොත් ඇය බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආරක්ෂක ලේකම්'වරිය' බවට ඉතිහාසගත වනු ඇති.




Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment