සති ගණනක
උද්ඝෝෂණ සහ කෝලාහලවලට පසු ඊයේ රාත්‍රිය පැරිසියේ අහස දුමාරයෙන් වැසී ගියේ, පැරිසියේ
අතිශය ජනාකර්ෂණය හිමිකරගත් ආගමික සංකේතයක් වන Notre Dame පල්ලිය ගිනිගැනීමත් සමගයි. මින් එහි ගොඩනැගිලි
තුඩගෙහි කොටසක් කඩා වැටුණු අතර André Finot, දේවස්ථානයේ
ප්රකාශිකාවක් දුරකතනයෙන් New
York Times වෙත පවසා
ඇත්තේ ජීවිත හානි කිසිවක් තවම දැනගන්නට නැති බවයි.
නමුත් අසල
පිහිටි Hotel De Ville සහ සේන් නදිය අසබඩට රැස්ව මේ දෙස බලා සිටි ජනතාව ජීවිත
හානියක් දුටුවාට වඩා කම්පාවකින්, කඳුළු පිසිමින් බලා සිටියේ මෙහි දැවමය ආකෘතින් එකින්
එක බිඳවැටෙන අයුරුයි.
සවස 6.30 ට
පමණ ආරම්භ වූ මෙම ගින්න ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සලිත කරනු ලැබුවේ සති ගණනාවක
‘කහ කමිසකරුවන්’ ගේ උද්ඝෝෂණ මාලාවන්ගෙන් රටේ බොහෝ ප්‍රසිද්ධ ස්ටානවලට සිදුවූ හානිය
යලි ආපස්සට ගන්නේ කෙසේදැයි සාකච්ඡා කරමින් සිටි අතර මෙය සිදුවීම නිසාය.
ප්‍රංශයේ
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අනුව 400 කට අසන්න ගිනිභටයින් පිරිසක් මේ මොහොතේ
ගින්න හා සටන් වදිමින් සිටියි.
12 වන සහ 13
වන සියවසට අදාළ අතිශය කලාත්මක ගෘහ නිර්මාණශිල්පීයත්වයක් ඇති මෙහි දිනකට අවම වශයෙන්
සංචාරකයන් 30,000 ක් පමණ ගැවසෙන අතර වසරකට මිලියන 13 කට අසන්න පිරිසක් මතක සටහන්
සටහන් තබාගන්නට පැමිණෙන තැනක්ද වනවා.
සිදුවීම වූ සැණින්
ඇතුළත සිටින සියල්ලන් පිටත් කොට කිසිදු දැනුම් දීමකින් තොරව දොරටු වසා දමා
තිබෙනවා. එමෙන්ම බොහෝ ජනයා තමන්ගේ අදහස් පල කළේ
“මේක හරියට
පවුලේ කෙනෙක්ට වුණා වගේ, මගේ ජිවිතේ බොහෝ මතකයන් එතැන තිබුණා”
“මේ මැකිලා
යන්නේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක්”
ආදී
වශයෙනුයි.
ආසන්න දින කිහිපයකදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතී බවත් කියැවෙනවා. ඒ වෙනුවෙන් අපොස්තුලුවරුන්ගේ ඇතුළු පිළිම ගණනාවක් දොඹකර යොදාගෙන වෙනත් තැන්වලට ගෙන ගිය බවත් වාර්තාවල සඳහා වුණා. එමෙන්ම New York Times වෙත අදහස් ප්‍රකාශ කරමින් මහාචාර්ය Glenn Corbet සඳහන් කර ඇත්තේ “බොහෝ දේවස්ථාන ප්‍රතිසංස්කරණයේදී ගිනි ගැනීම් සිදුවීමේ ඉතිහාසයක් ඇති බවයි”

කෙසේ හෝ
වේවා මේ වේදනාබර ගිනි ගැනීම දකිමින් 32 හැවිරිදි Angelique de Almeida කියා සිටියේ “අපට ඇය (දේවස්ථානය) නැති වනවා.
පැරිසියම නැති වෙනවා වගේ.
මේක
දෛවෝපගතයි. මේ අපේ ශුද්ධවූ සතියයි” කියාය.
0 comments:
Post a Comment