පලස්තීන-ඇමෙරිකානු Rashida Thlaib සහ සෝමාලි-ඇමෙරිකානු Ilhan Omar ශුද්ධවූ දේශයක් පිලිබඳ සිහින දකිනා Donald Trumpට සිහින දකින්නට ඉඩ හැර තමන්ගේ ගමන පටන් ගනී.
ඇමෙරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන ප්‍රථම මුස්ලිම් කාන්තාවන් බවට පත්වීමට ඔවුන් සමත්වීමත් සමග බොහෝ දෙනාගේ අවධානය ඒ වෙතට යොමුව ඇත. ඊට ආසන්නතම හේතුව වන්නේ වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා 'සුද්දෝ' පමණක් සිටින රාජ්‍යයක් පිලිබඳ පාරම්බෑමයි.
Thlaib හට ප්‍රතිවාදී කිසිවෙක් නොසිටි අතර මිචිගන්හි 13වන කොන්ග්රස් දිස්ත්‍රික්කය ඇය දිනාගත්තා. ඒ අතරවාරයේ Omar ප්‍රබල රිපබ්ලිකන් අපේක්ෂිකා Jennifer Zielinki දැවැන්ත පරාජයකට ලක්කොට මිනෙසෝටා ප්‍රාන්තයේ 5වන කොන්ග්රස් දිස්ත්‍රික්කය දිනාගත්තා.
මිනෙසෝටා ප්‍රාන්තයේ පෙර සිටියේ දුෂණ චෝදනා ලැබූ Keith Ellison වන අතර එය එසේ තිබියදී ඔහු ප්‍රාන්ත අගවිනිසුරු ධුරයට ඉදිරිපත් වීමට සූදානම් වනවා. සරලව පැහැදිලි කරගතහොත් Omarට නීතියේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට බොහෝ විට කටයුතු කරන්නට සිදු වන්නේ මොහු සමගින්.
කෙසේ වෙතත් Thlaib සහ Omar දෙදෙනාම ඩිමොක්රටික් පාක්ෂිකාවන් වීමත් විශේෂත්වයක්. තම ජයග්‍රහණය තහවුරු වහාම Omar සිය Twitter පණිවුඩයකින් Thlaib හට සුභ පතා තිබුණා.
පලස්තීන මාපියන්ට දාව උපත ලද Thlaib, පළමුවෙන්ම ඉතිහාසය අලුත් කරන්නේ 2008 වසරේදී - ඒ රාජ්‍ය නියෝජිතවරියක් වූ ප්‍රථම මුස්ලිම් කාන්තාව බවට පත්වෙමින්. 2009 වසරේ සිට 2014 දක්වා Michigan House of Representativesහි කටයුතු කළ ඇය නොමිලේ සෞඛ්‍ය කඳවුරු, වැඩිහිටියන් වෙනුවෙන් Meals on Wheels වැඩසටහන් සහ අධ්‍යාපන ආධාර සම්බන්ධවද සක්‍රීය දායකත්වය ලබාදුන්නා.
ඇය Trump ජනාධිපතිවරයාට විරුද්ධව නොබියව හඬ නැගු කාන්තාවක් විය. වරක් 2016දි ගෙවා ඇතුල් වුණු දහවල් සාදයකදී එවක ජනාධිපති අපේක්ෂකයා වූ Trump මහතාගේ පිළිවෙත් සහ කාන්තාවන්ට සැලකු අයුරු සිහිපත් කරන්නට වූ නිසා එළියට දමන ලදී. අගෝස්තු මාසයේ ඇය අපේක්ෂකත්වය ලබාගත් පසු සපථ කර සිටියේ තමන් සියලු වර්ගවාදීන්ට එරෙහිව සටන් වදින බවයි. එලෙසම සරණාගතයින් කෙරෙහි ජනාධිපතිවරයාගේ ක්රියාපටිපාටියද දැඩි ලෙස විවේචනයට ලක් කල අයෙක් ඇය.
Omar යනු කොන්ග්‍රසයට තේරී පත් වූ ප්‍රථම සෝමාලි-ඇමෙරිකානු කාන්තාවයි. වසර 20කට පමණ පෙර ඇය ඇමෙරිකාවට පැමිණෙන්නේ සරණාගතයෙකු ලෙස වන අතර 2016දි ඇය ප්‍රථම සෝමාලි ඇමෙරිකානු නීති සම්පාදකවරියද වූවා.
කාන්තාවන් වීමටත් වඩා ඇමෙරිකාවේ වර්තමාන පාලනය උස් හඬින් ගෙන යන වර්ගවාදී, අන්තවාදී ප්රකාශයන්ට ප්රජාතන්ත්රවාදයේ ඇතුල් පහරක් වැදීම මෙහිදී සිදුවූ බව අප මතකයේ තබා ගත යුතු අනෙක් කරුණයි.
Omar, who also makes history as the first Somali-American woman to be elected to Congress, came to the U.S. more than 20 years ago as a refugee. In 2016, she became the first Somali-American, Muslim legislator in the U.S. She was elected to serve in Minnesota's House of Representatives in District 60B, according to her campaign website.
0 comments:
Post a Comment