මේ පෙනෙන්නේ අවසාන ඩිෆෙන්ඩරයයි! - Land Rover Ends Production


Land Rover Defender විශ්‍රාම යන වයසේ සිටියත් තරුණ ජවයෙන් ලෝකයේම ආදරය දිනාගත් ප්‍රභූවරුන්ගේ වාහනයකි. කළු ඩිෆෙන්ඩර් හා සම්බන්ධව අප කෙතරම් දැන සිටියත් ඩිෆෙන්ඩර් නිෂ්පාදනය නවතිනකන්ම හාංකවිසියක්වත් දැන සිටියේ නැත. ඩිෆෙන්ඩර් වලට දැන් අවුරුදු 68ක්. නමුත් බොහෝ දෙනා තවමත් ප්‍රශ්න කරන්නේ තව වසර 68ක් Land Rover ඩිෆෙන්ඩර් නිෂ්පාදනය නොකරන්නේ ඇයිදැයි කියාය, සමහරවිට ටිකක් හොඳ radio එකක් සවි කළා නම් කොහෙත්ම ගැටළුවක් නොවන්නට ඉඩ තිබුණි.

නමුත් ගැටළුව වුයේ රේඩියෝව නොවේ. පිළිගත හැකි සැලකිය යුතු හේතු ගණනාවක් ඔවුන් දක්වා තිබිණි. ආරක්ෂක ප්‍රමිති, විමෝචන ප්‍රමිති සහේතු ලෙස දක්වා තිබුනේ, වඩා හොඳ තත්වයේ, නවතාවයන්ගෙන් යුතු Defender රථයක් හඳුන්වා දෙන බවයි - ඔව්, හොඳ රේඩියෝවක් එක්ක.

"1948 Amsterdam motor show හිදී හඳුන්වා දෙන විට, Land Rover එකක මිල  £450 පමණක් විය. 2015 2,000,000 වන ඩිෆෙන්ඩරය වෙන්දේසි වූයේ  £400,000කටය."




Jaguar Land Rover CEO Ralf Speth සඳහන් කරන පරිදි: "හැමදාටම Defender අපේ සහ අපේ සේවකයින්ගේ සිත් තුළ රඳා පවතීවි. නමුත් මේ අවසානයක් නෙවෙයි. වික්‍රමාන්විත අතීතයක් හිමි අපිට දකින්නට සුන්දර අනාගතයක් තිබෙනු ඇති." 



Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment