FOX නාලිකාව කවදත් අලුත් වෙන්න, වෙනස් කරන්න කැමති නාලිකාවක්. කාගෙන්වත් කොපි කරනවා වෙනුවට ප්රේක්ෂකයෝ ආදරය කරන තමන්ගේ වැඩසටහන් - බැනුම් නොඅහන, අග මුල නොපැටලෙන විදිහට අලුත් කරන්න ඔවුන් සුදානම්.
X Files කතා මාලාවේ නවතම කොටස් පෙළ සමාගම '24' කතා මාලාවේ සීමිත කතාංගයක් විකාශනය කරන්න දැන් සියලු කටයුතු සුදානම්. ඒ විතරක් නෙවි දැන් ගැහැණු පිරිමි භේදයකින් තොරව නරඹපු 'Prison Break' කතා මාලාවේ මීළඟ කොටසත් විකාශනයට සුදානම් ලු.
Wentworth Miller මොන යම් විදිහකින් හරි ජීවතුන් අතර සිටින ආකාරය මේ කතා මාලාවෙන් පැහැදිලි කෙරෙනු ඇති අතර තව විකාශනය කෙරෙන දවසක් නම් නැහැ. මේ කතා මාලාව සම්පුර්ණයෙන්ම කොටස් කීයක්ද කියන ප්රශ්නයටත් FOX නාලිකාව තවම පිළිතුරු දෙන්නේ නැහැ. නිල නොවන ආරංචි මාර්ග වලට අනුව නම් එය කොටස් 10 කින් යුක්තයි. ඒත් රසිකයින්ට අනුව නම් අඩුම තරමේ කොටස් 12 ත් 15 ත් අතර ප්රමාණයක් ලබාදෙනවනම් වැඩිය හොඳයි ලු.
0 comments:
Post a Comment