ඒ සවුදි කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබුණු ප්‍රථම අවස්ථාවයි.
ඉරිදා දිනයේ අවසන් වූයේ සවුදි අරාබිය කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමෙන් පසුව පැවැත්වූ ප්‍රථම පළාත් සභා මැතිවරණයයි. වාර්තා වන ආකාරයට අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙකු මෙලෙස ඡන්දයෙන් තේරී පත්ව තිබෙනවා.
මෙම කාන්තාවන් සවුදියේ දෙවන විශාලතම නගරයේ සිට ශුද්ධවූ නගරය අභියස කුඩා ගම්මානයක් දක්වා විවිධ කොටස්වල ජීවත් වන්නන්. බහුතරයකට තේරී පත්වීමේ අවස්ථාව නැතත් මෙම ආසන 5ත් ආරම්භයක් ලෙස වැදගත් බව පෙනෙන්නට තිබෙන අතර, සවුදි අරාබිය යනු කාන්තාවන් සිරකරුවන් ලෙස සලකු රාජ්‍යයක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.
සවුදියේ ඡන්දයෙන් නියෝජිතයින් පත් කර ගත හැක්කේ පළාත් සභා මැතිවරණ සඳහා පමණයි. කෙසේ වෙතත් මීට පෙර 2005 සහ 2011 වර්ෂවල ඡන්ද අයිතිය ලැබී තිබුණේ පුර්ෂයින්ට පමණයි.
අපේක්ෂකයින් 7000ක් අතුරින් 979ක් කාන්තාවන් වූ අතර ඔවුන් රට පුරා ආසන 2100ක් සඳහා තරඟ වැදුනා. මිලියන 1.35කට ආසන්න පිරිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් අතරේ කාන්තාවන් ලෙස ලියාපදිංචි ඡන්ද දායකයින් සිටියේ 130,000ක් වැනි සංඛ්‍යාවක් පමණි.
එම නිසා ඉදිරියේ කාන්තාවන් වැඩි වැඩියෙන් ඡන්ද ලියාපදිංචිය ලබා ගැනීමත් සමග ඔවුන්ට හිමි වන ආසන සංඛ්‍යාව පිලිබඳ ධනාත්මක බලාපොරොත්තුවක් තබා ගත හැකියි.
0 comments:
Post a Comment