ලොව පිළිගත් මානව හිමිකම් සංවිධානයක් වන Amnesty International ආයතනය සඳහන් කරන ආකාරයට ISIS තමන් වෙනුවෙන් ගොඩනගාගෙන ඇති දැවැන්ත ආයුධ ගබඩාව තුළ වැඩිපුරම ඇත්තේ US Weaponsය. ඔවුන් සඳහන් කරන්නේ මෙම ආයුධ ඉරාක හමුදාවන්ගෙන් අත්පත් කරගත් හා සිරියානු විරුද්ධවාදීන්ගෙන් ලබාගත් ආයුධ බවයි. නමුත් මේවා ඍජුවම ඇමෙරිකන් බලධාරීන්ගෙන් ලැබුනාදැයි ලොවම මේ වනවිට සැක පහල කරයි.
සඳුදා පිටත් වූ, පිටු 44ක Amnesty International වාර්තාවේ සඳහන් වන්නේ ඇමෙරිකාව ඉරාක හමුදා හා සිරියන් විරුද්ධවාදීන් වෙත ලබාදුන් ආයුධ ඔවුන් මෙලෙස ලඟ තබාගෙන සිටින බවයි. ජනාධිපති බැරක් ඔබාමා පසුගිය කාලය තුළ ඉඟුරු දි මිරිස් ගත බවට මීට වැඩ හොඳ සාක්ෂියක් නොවනු ඇති. Amnesty සඳහන් කරන ආකාරයට පසුගිය සමයේ ඍජුවම US හමුදා ඛණ්ඩ ස්ථාපිත කරනු වෙනුවට ISIS විනාශ කර දැමීමට Kurdi, ඉරාක, සිරියානු සටන්කාමීන්ට අවි ලබාදී තිබෙනවා.
පසුගිය ඉරිදා ඔබාමා සඳහන් කලේ "මේ අනුගමනය කල උපාය මාර්ගයෙන් ස්වදේශීය සටන්කාමීන් තමන්ගේ දේශය වෙනුවෙන් සටන් වදිවී. තවත් ඇමෙරිකන් පරම්පරාවක් වෙනත් භූමියක් වෙනුවෙන් සටන් වැදී මිය නොයනු ඇත." ප්‍රකාශය ඉතාම සිත්ගන්නා සුළු වුවත් සිදුව ඇත්තේ ස්වදේශික සටන්කාමීන් මෙම ආයුධ ISIS වෙත ලබාදීමයි.
0 comments:
Post a Comment