Official Credits - Femina
"මම ජනප්‍රියයි කියලා මට දැනෙනකොට අවුරුදු 6ක් 7ක් වගේ ඇති. ඒ මං නිසා නෙවි, මගේ අම්මගෙයි තාත්තාගෙයි දුව වුණ නිසා. ඉස්කෝලෙදි සමහර ගුරුවරු මට වැඩි සැලකිලි දැක්වුවා, සමහරු ඉතින් මට කැමති වුණේ නැහැ ච්ත්‍රපටි ලෝකෙත් එක්ක මගේ තිබ්බ සම්බන්ධෙ නිසා. මං චිත්‍රපටි ලෝකේ දැක්කේ මගේ අම්මයි තාත්තායි එක්ක film set වලට යද්දී. මං පොඩි එකෙක් උනත් මට තේරුණා හොඳටම චිත්‍රපටි කියන්නේ අතිශයින්ම අමාරු වැඩක් කියලා මොකද පාන්දර 7ට ගෙදරින් යන මගේ අම්මා අපහු ගෙදර අවේ රෑ 10 ට නිසා."
"මට මතකයි එතකොට මං අම්මට කියනවා, අම්මෝ වැරදිලාවත් මං ඔය වගේ රස්සාවක් නං කරන්නේ නැහැ 9-5 රස්සාවක් කරනවා ඇරෙන්න කියලා. කොහොමහරි මට අවුරුදු 16 වෙනකොට ඔය පණ්ඩිත කතා මතක තිබුනේ නැහැ. මගේ පලවෙනි චිත්‍රපටිය Bekhudi වෙනුවෙන් මං ගිවිසුම් අත්සන් කළා. ඉස්කෝලේ එච්චර ආසාවක් ඇති කලේ නැහැ මට, ඒ නිසා අම්මගේ අඩි පාරේම මමත් ගියා."
"පලවෙනි චිත්‍රපටියට කලින් තාත්තා මට හොඳ උපදේශයක් දුන්නා. - ඔයා ඔය තෝරගන්නේ පටන් ගත්තොත් ගැලවෙන්න අමාරු වැඩක් කියලා. මට ඕක තෙරුන්නාහ මං තාත්තාගෙන් ඇහුව - මොනවා මේ කියන්නේ කියලා. එතකොට තාත්තා කිව්වා - ග්‍රීස් ගාගත්තම යවන්න අමාරුයි වගේ, රඟපාන්න ගත්තම එකත් එක්ක ඉඳල අපහු සාමාන්‍ය ජීවිතේට එන්න අමාරුයි කියලා."
"කොහොම වෙතත් ඇගේ පලවෙනි චිත්‍රපටිය හරිම ආශ්වාදයක් උණා මං හිතුවට වඩා - ඉතින් මං ඒ නිසා එක අත ඇරියේ නැහැ. මං මගේ පලවෙනි චිත්‍රපටියෙන් පස්සේ ආපහු කවදාවත් ඉස්කෝලේ ගියේ නං නැහැ."
"මගේ ලොකුම ශක්තිය උණේ මගේ ආත්ම විශ්වාසය සහ කිසිස්ම හන්ගීමක් තිබුනේ නැහැ මගේ ඉස්සරහ තියෙන කැමරාව හරි film crew එක ගැන හරි. මං වැඩියෙන්ම ආදරේ කලේ මට හැමතැනම සංචාරය කරන්න ලැබිච්ච එකට. Switzerland, Egypt, France වගේ ලෝකේ ඇති සුන්දරම තැන වල මං රඟපෑවා."
"Dilwale Dulhaniya Le Jayenge සහ අජේ දේව්ගන් මගේ සැමියා එක්ක රඟපෑ Pyaar Toh Hona Hi Tha චිත්‍රපටවලින් පස්සේ Kuch Kuch Hota Hai ආවා. අජේ සහ මම 1999 දි විවාහ වුණේ අවුරුදු 4ක ආදර සම්බන්ධතාවයකින් පස්සේ. - විවාහය ඕනෑම ගෑණු ළමයෙකුට වගේ මටත් මහා ලොකු බලපෑමක් කළා. තමන්ට හුරු හැමදේම තමන්ට නැති වෙනවා. මං මාස හයක් රඟපෑවේ නැහැ. මං ගෙදරට වෙලා නිකන් හිටිය අජේ රඟපාද්දී. මට ටික කාලයක් ගියා වෙනස් ගෙදරක වෙනස් පිරිසක් එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න."
"කොහොමහරි මං ගියේ boarding school එකකට නිසා පොඩි පුහුණුවක් තිබ්බා මට. මට කුස්සිය ගැන කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. මට වැඩ පුරුදු උනේ ගොඩක් හෙමින් Dil Kya Kare සහ Raju Chacha විවාහයෙන් පස්සේ මං රඟපෑ චිත්‍රපට. හෙමින් ඉස්සරහට යන එක මට එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. ගෙදර වැඩ හැමදේම එක්ක ඉස්සරහට ගිය අතරේ අපේ දුව Nysa ජීවිතේ ලොකු කඩඉමක් වුණා.
"මගේ ලොකුම කැපකිරීම් පටන් ගන්නේ ඊට පස්සේ. මට තේරුණා එකම දේ හුස්ම වැටෙන පුංචිම පුංචි පැටියෙක් මට ඉන්නවා කියන එකයි. එයා ලොකු වෙද්දී මගේ වගකීම් වැඩි වෙන බව මං තේරුම් ගත්තා. එය කෑම ගැන හරිම කරදරකාරියි. එත් ටික ටික එයා හුරු වෙද්දී මට අපහු වැඩ කරන්න පුළුවන් කියන එක එයාම මට තේරුම් කෙරෙවුවා. Fanaa කියන්නේ එයාගේ උපතෙන් පස්සේ මං කරපු පලවෙනි චිත්‍රපටිය. එයට අවුරුදු දෙකහමාරක් උනත් මාත් එක්ක Polandවල රුගත කිරීම් වලට එයාව එක්ක ගියා."
"මං මගේ දරුවන්ට හැමවෙලේම කියන්නේ එයාලට තියෙන දේ ගැන එයාලා සතුටු වෙන්න ඕනේ කියලා. එයාල දනනවා එයාල මොන වගේ වෙන්න ඕනෙද කියලා. අමුතුවෙන් අපි කුරුත් එයාලට බලපෑම් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ දෙමවුපියෝ හැටියට අපිට අමතක වෙනවා එයාලා අපෙන් වෙනස් බව. තනි කෙනෙක් බව, එයාලට හීන, හැගීම් තියෙන බව.
"මගේ ජීවිතේ මේ ගත වෙච්ච විදිහ ගැන, ගත වෙන විදිහ ගැන මං ඇත්තටම සතුටුයි. රන්ගශිල්පිනියක් විදිහට මෙහෙම පිටපත් ලැබිච්ච එකම වාසනාවක් Dilwale වලින් පස්සේ උනත් මං රඟපාන්නේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් හැටියට මට රඟපාන්න සුදුසු පිටපත් විතරයි."
0 comments:
Post a Comment