1. Google නිල වශයෙන් පුසන්ට වඩා බල්ලන්ට කැමතියි!
හා.. විශ්වාස නැද්ද? Googleවල ආයතනික චර්යා ධර්ම සංග්‍රහයේ, ඒ කිව්වේ Corporate Code Of Conduct එකේ ඒක ඇතුලත් කරලා තියෙනවා.
"Google’s affection for our canine friends is an integral facet of our corporate culture. We like cats, but we’re a dog company, so as a general rule we feel cats visiting our offices would be fairly stressed out."
2. පළවෙනි Doodle එක ආසාවට දාපු Burning Man Doodle එක බව
1998 අගෝස්තු 30 වෙනිදා Musical Concert එකකට යන්න කලින් දාපු මේ Doodle එක අතශයින් ජනප්‍රිය උණා. අද වෙනකොට Doodle 2000කට ආසන්න සංඛ්‍යාවක් ජනප්‍රිය දින වෙනුවෙන් පුද්ගලයින් වෙනුවෙන් විවිධ අවස්ථාවල පළවෙලා තියෙනවා.
3. Google වරක් විනාඩි කිහිපයකට ක්‍රියා විරහිත වූ බව
2013 අගෝස්තු මාසේ එක්තරා දවසක මෙලෙස අක්‍රිය වූ අතර ලොව පුරා සියලු වෙබ් අඩවි වල page views 60%කින් පහල ගොස් තිබුණා. Google නැති උනොත් කොහොමට හිටී ද?
4. Google එක තණකොළ කපන්නේ එළුවන් ලවා බව
2009දි Google ලෝකෙට කියා සිටියේ ඔවුන්ගේ උද්‍යානවල තණකොළ කැපීම සඳහා තවදුරටත් Lawn Movers යොදාගන්නේ නැති බවත් අතිශයින්ම පරිසර හිතකාමී නිසා එළුවන් ලවා ඒ කටයුත්ත කරන බවත්ය.
5. Google logo එකේ දෙවැනි 'O' හි වර්ණය වෙනස් කලේ Steve Jobs බව
Jobs වරක් පණිවිඩයක් යවමින් Google වෙත පවසා ඇත්තේ ඔහු iphoneහි ඔහු දකින Google logo දෙවැනි O අකුරෙහි ඇත්තේ නියම කහ වර්ණය නොවන බවත් හෙට උදේම එය වෙනස් කලාට කමක් නැද්ද යනුවෙන්ය. Google එයට අවසර දී තිබේ.
0 comments:
Post a Comment