මෙන්න හදනවනම් බිල්ඩින් - The Interlace, Singapore
ලෝක ගෘහනිර්මාණ සැණකෙළියේ විනිශ්චය මණ්ඩලය සිංගප්පුරුවේ The Interlace ගොඩනැගිල්ලට මේ වසරේදී දිය හැකි ඉහලම ගෞරවය ලබා දුන්නා. Office of Metropolitan Architecture සහ Buro Ole Scheeren නිර්මාණ සමාගම් දෙක එක්ව ඉදිකළ මෙම ගොඩනැගිල්ල මේ '2015 වසරේ ගොඩනැගිල්ල' ලෙස නම් ලැබුවා.
සමහර විට මේ අපි නගර ඉදි කරන කලාව සම්පුර්ණයෙන්ම වෙනස් කරන විසඳුමක් විය හැකියි. මෙම නිවාස සංකීර්ණය 2013 වසරේදී සම්පුර්ණ කරන ලද අතර සිංගප්පුරුවේ දකුණු දෙසට වන්නට පිහිටා ඇත.
විශ්වාස කරනවානම් කරන්න මේ සුළු ඉඩ ප්‍රමාණයේ ගොඩනැගිලි 31ක් ඉතාම අපුරුවට පෙළගස්වා තිබෙනවා. මුළු ඉඩමේ ප්‍රමාණය වර්ග මීටර 170,000ක් පමණයි. මෙහෙම හදන්න හේතු දක්වන්නත් මෙයාලා අමතක කලේ නැහැ.
- නිවාසවලට එන හිරු එළිය ප්‍රාමාණිකව පාලනය කිරීම.
- සුර්ය ශක්තිය සහ සුළං බලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම.
- නිවැසියන් අතර හොඳ සම්බන්ධතාවයන් ඇති කිරීම.
සිංගප්පුරුවේ වැඩිවන ජනගහනයට එරට ගෘහ නිර්මාණ ශිල්පීන් මේ ආකාරයේ විසඳුම් සොයද්දී - ලෝකයේ අනෙක් රටවලට සතුටු සිතින් බලාගෙන හිඳ පසුව දවසක විඳවන්න වේවිද?
0 comments:
Post a Comment