ඉරාකයෙන් සහ සිරියාවෙන් දිනකට සරණාගතයින් 8,000ක් යුරෝපයට! - Refugee Crisis


එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවන පරිදි යුරෝපයෙන් සහ සිරියාවෙන් දිනකට 8,000කට ආසන්න සරණාගතයින් ප්‍රමාණයක් පැමිණීම තවදුරටත් සිදු වනු ඇති. UN කලාප සම්බන්ධීකාරක Amin Awad පවසන පරිදි 5,000ක් පමණ සරණාගතයින් ප්‍රමාණයක් දිනපතා Greece වෙත ඇදී එයි.

ශීත ඍතුව පැවතියද කාලගුණය යහපත්ව පවතින තාක් සහ දේශ සීමා විවෘතව පවතින තාක් කල් මෙම ප්‍රවනතාව අඩුවක් නොවනු ඇති. මෙම වසර තුළ මිලියන භාගයකට ආසන්න සරණාගතයින් ප්‍රමාණයක් සිරියාවෙන් සහ අනෙකුත් ගැටුම් පවතින ප්‍රදේශ වලින් යුරෝපය කරා සංක්‍රමණය වී තිබෙනවා.


Victoria Metro Station චතුරශ්‍රය යට ඇෆ්ගන් පවුල් සිය නවාතැන කොටගෙන තිබෙන ආකාරය දුම්රියපොළ වෙත ඇදෙන ඕනෑම අයෙකුට ඛේදජනක අත්දැකීමක් වනවා. වාර්තා සඳහන් කරන්නේ ග්‍රීක බලධාරීන් හැකි ඉක්මනින් මෙම පිරිස් පැරණි Olympic ගම්මානයක් වෙත යවා පහසුකම් සමග පදිංචි කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් මෙම තත්වය තවදුරටත් යුරෝපා රටවල් කෙරෙහි අහිතකර තත්වයක් වීමට ඇති ඉඩකඩ ද සරණාගත ප්‍රමාණය සමගම වැඩි වෙමින් පවතී.


Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment