ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා California හි පිහිටි Facebook Headquarters වෙත ගිය අවස්ථාවේදී ආයතනයේ බොහෝ දේ ඔහු වෙනුවෙන් වෙනස් වී තිබෙනවා. Facebook පරිපාලනය එහි සේවය කරන කාන්තාවන් වෙත දැනුම් දී ඇත්තේ අගමැතිවරයා පැමිණෙන බැවින් "විනීතව සැරසී පැමිණෙන" ලෙසයි.
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි මහතා ලොව පුරා දේශපාලන චරිතයන්ට අපුරු පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඒ දේශපාලනය තුලදී දැන් කිසිම විටෙක Social Media වලින් අත්ව කටයුතු කල නොහැකි බවයි.
ඊයේ දවසේ 20,000කට ආසන්න පිරිසක් නරේන්ද්‍ර මෝඩි මහතා පිළිගැනීමට San Jose නුවර ගෘහස්ත ක්‍රීඩාංගණයකට රැස්ව තිබුණා. මෙහිදී Hollywood Rockstar කෙනෙක් ලෙස නරේන්ද්‍ර මෝඩි මහතා වේදිකාවට කැඳවා තිබුණා.
0 comments:
Post a Comment