අඟහරු මත ජලය ඇති බවට පැහැදිලි සාක්ෂි | Water on Mars




NASA විද්‍යාඥයන් කාලාන්තරයක් තිස්සේ අඟහරු මත ජලය ඇති බවට අදහස් පල කරමින් සිටියා. ජලය සොයාගතහොත් මේ සෞරග්‍රහ මණ්ඩලයේ අප තනිවී නැති බව සොයාගැනීමට හැකිවනු ඇති බවත් ඔවුන් අනුමාන කළා.

Google අද උදෑසනම මුළු ලොවටම දැනුම් දුන්නේ අඟහරු මත ජලය ඇති බවට පැහැදිලි සාක්ෂි සොයාගෙන ඇති බවයි. අඟහරු මත ගිම්හානය උදාවත්ම දියර ජලය ආගාධයන් සහ ආවආටයන් වල ඉහල සිට පහලට ගලාගෙන යන බවට සාක්ෂි හොයාගන්නා NASA ආයතනය පවසන්නේ ඉක්මනින්ම රතු ග්‍රහයා මත ජීවය සොයාගත හැකි වනු ඇති බවයි.

මෙම ජලය ගලා එන්නේ කොහි  සිටද යන්න තවම තහවුරු නොවුනත් සමහ විටෙක ඒවා භූගත අයිස් හෝ හිරිගල් දියවීමට ලක් වීමෙන් ගල එන ඒවා වනු ඇති බවට මත පල වෙයි.




දැනට පර්යේෂකයන් යුහුසුළුව සිටින්නේ මෙම ජලය පැමිණෙන්නේ කවර මුලාශ්‍රයක සිටදැයි සොයා ගැනීමටයි. සිදුරු සහිත ගල් වල ජලය මිදී තිබී පසුව ඒවා ගිම්හාන කාලයේදී දියවී යන බව දැනට කෙරී ඇති හොඳම අනුමානයයි.

ඉදිරියේදී හැකි ඉක්මනින් සෞරග්‍රහ මණ්ඩලයේ අප තනිවී නැති බවට සොයාගැනීමට හැකි වුවහොත් අතීතයත් අනාගතයත් දෙකම වෙනස් වනු ඇති. 








Share

About Anushi Hakmanage

Anushi is a TV Presenter, Freelance Blogger, Writer and an Event Manager who is so keen on hunting for diverse information around the globe. She is also the Co-founder of Fempower the women's empowerment activation in Sri Lanka.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment