සිය Beverly Hills මාලිගයේදී සේවිකාවකට ලිංගික බලහත්කාරකමක් කල බවට චෝදනා ලැබ සවුදි රජ කුමරෙකු Los Angelesහීදී අත්අඩංගුවට ගැනුණා. වයස අවුරුදු 28ක් වන මජීඩ් අබ්දුල් අසිස් අල් සාවුද් අත්අඩංගුවට ගෙන පැය 24ක් ගත වීමට මත්තෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 03ක ඇප මත මුදා හැර තිබෙනවා.
ලබන ඔක්තෝබර් 19 වැනිදා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. අල් සවුද් හට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලනික බලපෑම් නොමැති බව පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා. The Los Angeles Times පුවත්පත සඳහන් කරන පරිදි අසල්වැසියෙක් ලේ තැවරුණු යුවතියක් උදවු ඉල්ලමින් ඩොලර් මිලියන 37ක වතුයායට එපිටින් ඇති තාප්පය නගිනු දැක පොලිසිය අමතා තිබෙනවා.
සවුදි තානාපති කාර්යාලය තවමත් මේ ගැන සිය අදහස හෝ ස්ථාවරය ප්‍රකාශ කර නැති වීමත් විශ්මයට කරුණක්.
0 comments:
Post a Comment