2100දි ලෝකේ කොහොම වෙයිද? | Global Population
UN පුරෝකථනයන්ට අනුව 2100 වන විට ලෝක ජනගහනය බිලියන 7.3 සිට බිලියන 11.2කට ආසන්න වනු ඇති බවත්, ඒ සඳහා වැඩිම දායකත්වය සපයනු ඇත්තේ අප්‍රිකාව බවත් පැවසෙනවා. ඒ අනුව නොකඩවා 2050න් පසුව ජනගහනය වැඩි වන එකම මහද්වීපය වන්නේත් අප්‍රිකාවයි.
දරු ඵල අනුපාතය - එක් කාන්තාවකට වසරකට ලැබෙන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය ගෝලීයව අඩු වෙමින් පැවතියද අප්‍රිකාවේ එය සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා.
එක්සත් ජාතීන් අනතුරු අඟවන පරිදි අප්‍රිකානු කාන්තාවන් තම දරු ඵල අනුපාතය මේ ආකාරයෙන්ම පවත්වාගෙන ගියහොත් එය බිලියන 13.2කට අසන්න ප්‍රමාණයක් වුවද විය හැකියි.
එක්සත් ජාතීන් වැඩි දුරටත් සඳහන් කරන පරිදි 2100න් අවසන් වන ශතවර්ෂයේදී ජනගහන වර්ධනයට නිමාවක ලැබීමට ඇති ඉඩ 4න් 1ටත් අඩු සංඛ්‍යාවක් වනවා.
ලෝකයේ මුළු ජනගහනයෙන් අප්‍රිකාවේ කොටස 2050 - 25% සිට 2100 - 39% දක්වා ඉහල යද්දී ආසියාවේ කොටස 2050 - 54% සිට 2100 - 44% දක්වා පහල බසිනු ඇති.
ඒ වගේම මේ සියවස අවසානයේදී චීනය, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල් වැඩිපුර වයස්ගත ජනගහනය නිසා අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙනු ඇති.
0 comments:
Post a Comment